යාපනයේ අනතුරට පත් බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව ගැන පරීක්ෂණයක්

යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් උපදෙස් ලබා දී තිබෙනවා.

අනතුරෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත අමාත්‍යවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කර තිබෙනවා.

අනතුරට ලක් වූ බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව, මගීන් සංඛ්‍යාව නියමිත සීමාවන් ඉක්මවා තිබුණේද යන්න සහ මුහුදු ගමන් සඳහා වන ආරක්ෂිත ක්‍රියා පටිපාටි නිසි ලෙස අනුගමනය කළේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති බවත් සඳහන්.

එමෙන්ම අනතුරෙන් මුහුදේ අතරමං වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව, පවතින සියලු සම්පත් භාවිත කරමින් දැඩි කරන ලෙස පොලිසියට සහ නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.

අනතුරෙන් පීඩාවට පත්ව රෝහල්ගත කර සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා රෝහල් බලධාරීන්ගෙන් විමසා බලා ඇති අතර, ඔවුන්ට අවශ්‍ය උපරිම වෛද්‍ය පහසුකම් සපයන ලෙසද දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42