යාපනයෙන් 08 වැනි මරණයත් වාර්තා වෙයි – ඉන්ෆ්ලුවන්සා ගැනත් අනතුරු ඇඟවීමක්

යාපනය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන මී උණ යැයි සැක කෙරෙන උණ රෝගය හේතුවෙන් සිදු වූ 08 වැනි පුද්ගල මරණය ද වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂාණි දාබරේ මහත්මිය පැවසුවේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ මී උණ සම්බන්ධයෙන් එය මැඩලීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ඊයේ (17) රාත්‍රිය වන විට එම දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 99 දෙනෙකු වාර්තා වුණා.

ඊයේ තෙක් සිදු ව තිබුණේ මරණ 07ක් වන අතර අද (18) පෙරවරුවේ මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මෙලෙස මියගොස් ඇති බවත් වාර්තා වනවා.

ඊයේ දිනය වනවිට පේදුරුතුඩුව රෝහලෙන් රෝගීන් 23 දෙනෙක්, යාපනය ශික්ෂණ රෝහලෙන් රෝගීන් සයදෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

ගත වූ පැය 24 කාලය තුළ නව රෝගීන් පේදුරුතුඩුව රෝහලට 09 දෙනෙකු වාර්තා වී ඇති අතර තවත් පස්දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර එක් දිනක් හෝ උණ පවතියි නම් වහාම රෝහල්ගත වන ලෙසයි වෛද්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.

යාපනයෙන් යවන ලද රුධිර සාම්පල් 09කම මී උණ බවට ද වසංගත රෝග විද්‍යා අංශයෙන් තහවුරු කර තිබෙනවා.

මේ අතර විශේෂඥ වෛද්‍ය දාබරේ මහත්මිය පවසන්නේ දෙසැම්බර් මාසය යනු ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වර්ධනයක් පෙන්විය හැකි කාලයක් බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින්, මුඛ ආවරණ භාවිත කරමින් කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?