යාපනයෙන් 08 වැනි මරණයත් වාර්තා වෙයි – ඉන්ෆ්ලුවන්සා ගැනත් අනතුරු ඇඟවීමක්

යාපනය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන මී උණ යැයි සැක කෙරෙන උණ රෝගය හේතුවෙන් සිදු වූ 08 වැනි පුද්ගල මරණය ද වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂාණි දාබරේ මහත්මිය පැවසුවේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ මී උණ සම්බන්ධයෙන් එය මැඩලීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ඊයේ (17) රාත්‍රිය වන විට එම දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 99 දෙනෙකු වාර්තා වුණා.

ඊයේ තෙක් සිදු ව තිබුණේ මරණ 07ක් වන අතර අද (18) පෙරවරුවේ මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මෙලෙස මියගොස් ඇති බවත් වාර්තා වනවා.

ඊයේ දිනය වනවිට පේදුරුතුඩුව රෝහලෙන් රෝගීන් 23 දෙනෙක්, යාපනය ශික්ෂණ රෝහලෙන් රෝගීන් සයදෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

ගත වූ පැය 24 කාලය තුළ නව රෝගීන් පේදුරුතුඩුව රෝහලට 09 දෙනෙකු වාර්තා වී ඇති අතර තවත් පස්දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර එක් දිනක් හෝ උණ පවතියි නම් වහාම රෝහල්ගත වන ලෙසයි වෛද්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.

යාපනයෙන් යවන ලද රුධිර සාම්පල් 09කම මී උණ බවට ද වසංගත රෝග විද්‍යා අංශයෙන් තහවුරු කර තිබෙනවා.

මේ අතර විශේෂඥ වෛද්‍ය දාබරේ මහත්මිය පවසන්නේ දෙසැම්බර් මාසය යනු ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වර්ධනයක් පෙන්විය හැකි කාලයක් බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින්, මුඛ ආවරණ භාවිත කරමින් කටයුතු කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25