යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියේ වන්දි ගෙවීම ඇරඹෙයි

යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ සිය ජීවනෝපාය වූ ගොවිතැන අහිමි වූ සියලු ම ගොවි පවුල් ඒකක වෙත සිය ආර්ථිකය යළිත් ගොඩනගා ගැනීමට 2020/2021 මහ කන්නයේ සිට 2023 යල කන්නය දක්වා වන්දි ප්‍රදානය සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ පදවි පරාක්‍රමපුර බහුකාර්යය ගොඩනැගිලි ශ්‍රවණාගාරයේ දීයි.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පදවිය, පදවි ශ්‍රී පුර, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ‘කන්න වන්දි’ ලෙස රු: මිලියන 98.821ක් පවුල් 2680ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවයි.

ඒ අනුව පූර්ණ වන්දි ලෙස රුපියල් මිලියන 21.80ක් පවුල් 31ක් සඳහා ද, රුපියල් මිලියන 77.81ක මුදලක් මෙහිදී ලබා දී තිබෙනවා.

මාසික ජීවනාධාරයක් ලෙස පෙර ගෙවන ලද රුපියල් මිලියන 11 ද සමගින් සම්පූර්ණ වන්දි වශයෙන් රුපියල් මිලියන 88.81ක මුදලක් මෙම ව්‍යාපෘති වන්දි ලෙස ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

වන්දි ලැබූ සියලු ම ගොවීන්ගේ මූලික ඉල්ලීමක් ලෙස ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය අහිමි වීමට අදාළ ව ගොවිතැන් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සුදුසු ඉඩම් කොටසක් ද ලබාදෙන ලෙසටයි.

ඒ වෙනුවෙන් වනසංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වගාවට සුදුසු පහත් බිම් සහිත ප්‍රදේශයන් පිළිබඳව හැඳින්වීමක් ද කරමින් ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර, එම යෝජනාවට ප්‍රාදේශීය ලේකම්වරු සමග සාකච්ඡා කොට උක්ත ඉඩම් පිළිබඳ නිවැරදි හඳුනා ගැනීමක් සිදු කරන ලෙසත්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග මූලික ව සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදාළව කටයුතු සිදු කරන ලෙසත්, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ප්‍රධාන නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර තිබෙනවා.

යාන් ඔය, පදවිය වැව, ජයන්ති වැව, රුවන්පුර වැව ආදී ජලාශ වෙත ජලය ගෙනයාම් පිළිබඳ ව පවතින ගැටළු සම්බන්ධයෙන් ගොවි ජනතාව නිලධාරීන් වෙත චෝදනාත්මක ස්වරයෙන් අදහස් පළ කළ අතර; එහිදී පවතින ගැටළු නිරාකරණය කිරීම් කඩිනම් කරන ලෙසත්, ඉදිරිපත් කරන ලද අනෙකුත් යෝජනා කෙරෙහි ද අවධානය යොමුකර අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට ද වැඩිදුරටත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?