යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියේ වන්දි ගෙවීම ඇරඹෙයි

යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ සිය ජීවනෝපාය වූ ගොවිතැන අහිමි වූ සියලු ම ගොවි පවුල් ඒකක වෙත සිය ආර්ථිකය යළිත් ගොඩනගා ගැනීමට 2020/2021 මහ කන්නයේ සිට 2023 යල කන්නය දක්වා වන්දි ප්‍රදානය සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ පදවි පරාක්‍රමපුර බහුකාර්යය ගොඩනැගිලි ශ්‍රවණාගාරයේ දීයි.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පදවිය, පදවි ශ්‍රී පුර, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ‘කන්න වන්දි’ ලෙස රු: මිලියන 98.821ක් පවුල් 2680ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවයි.

ඒ අනුව පූර්ණ වන්දි ලෙස රුපියල් මිලියන 21.80ක් පවුල් 31ක් සඳහා ද, රුපියල් මිලියන 77.81ක මුදලක් මෙහිදී ලබා දී තිබෙනවා.

මාසික ජීවනාධාරයක් ලෙස පෙර ගෙවන ලද රුපියල් මිලියන 11 ද සමගින් සම්පූර්ණ වන්දි වශයෙන් රුපියල් මිලියන 88.81ක මුදලක් මෙම ව්‍යාපෘති වන්දි ලෙස ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

වන්දි ලැබූ සියලු ම ගොවීන්ගේ මූලික ඉල්ලීමක් ලෙස ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය අහිමි වීමට අදාළ ව ගොවිතැන් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සුදුසු ඉඩම් කොටසක් ද ලබාදෙන ලෙසටයි.

ඒ වෙනුවෙන් වනසංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වගාවට සුදුසු පහත් බිම් සහිත ප්‍රදේශයන් පිළිබඳව හැඳින්වීමක් ද කරමින් ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර, එම යෝජනාවට ප්‍රාදේශීය ලේකම්වරු සමග සාකච්ඡා කොට උක්ත ඉඩම් පිළිබඳ නිවැරදි හඳුනා ගැනීමක් සිදු කරන ලෙසත්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග මූලික ව සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදාළව කටයුතු සිදු කරන ලෙසත්, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ප්‍රධාන නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර තිබෙනවා.

යාන් ඔය, පදවිය වැව, ජයන්ති වැව, රුවන්පුර වැව ආදී ජලාශ වෙත ජලය ගෙනයාම් පිළිබඳ ව පවතින ගැටළු සම්බන්ධයෙන් ගොවි ජනතාව නිලධාරීන් වෙත චෝදනාත්මක ස්වරයෙන් අදහස් පළ කළ අතර; එහිදී පවතින ගැටළු නිරාකරණය කිරීම් කඩිනම් කරන ලෙසත්, ඉදිරිපත් කරන ලද අනෙකුත් යෝජනා කෙරෙහි ද අවධානය යොමුකර අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට ද වැඩිදුරටත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26