රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි පුද්ගලයින් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
An-26 නම් එම ගුවන් යානය සාමාන්‍ය ගුවන් ගමනක නිරතව සිටින අතරතුර දී බලධාරීන් සමඟ පැවති සම්බන්ධතා බිඳ වැටී ඇති බවත්, පසුව ගුවන් යානයේ සුන්බුන් සොයා ගත් බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.
ඇති වූ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් යානය කඳු බෑවුමකට ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවට අනාවරණය වූ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙක් සහ මගීන් 23 දෙනෙක් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1













