Indian Premier League

යළිත් විදුලි බිල වැඩිකිරීමේ සූදානමක්

මෙම වසරේ දී සිව්වන වරටත් විදුලි බිල වැඩිකිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මෙලෙස යළි විදුලි බිල වැඩිකිරීමට සූදානමින් සිටින බවයි.

මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා විදුලි ගාස්තුව 56%කින් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි ගාස්තුව ඉහළ දැමුවහොත් මෙම වසරේ දී 200%කින් විදුලි බිල වැඩිවන බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
2
+1
5
+1
2
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?