මෙම වසරේ දී සිව්වන වරටත් විදුලි බිල වැඩිකිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.
එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මෙලෙස යළි විදුලි බිල වැඩිකිරීමට සූදානමින් සිටින බවයි.
මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කර සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා විදුලි ගාස්තුව 56%කින් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
විදුලි ගාස්තුව ඉහළ දැමුවහොත් මෙම වසරේ දී 200%කින් විදුලි බිල වැඩිවන බවයි ඔහු පැවසුවේ.














Thopita Wahi athiwa ho natiwa Hena 7 ma path wewa. Thope pawul pitin sunnath duli wewa!!! Meya mulu ratema ekama pathumayi, Sapayayi!!!