යළිත් විදුලි කප්පාදුවක්

තාප බලාගාරවල දැවිතෙල් අවසන්වීම හේතුවෙන් එළඹෙන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) නිවේදනය කළේය.

එම කාලවේලාවන් පිළිබඳ එළඹෙන සඳුදා හෝ ඊට පෙර දැනුම් දෙන බව එහි වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මේ අතර දැවිතෙල් අවසන්වීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය අද දහවල් සම්පුර්ණයෙන්ම අක්‍රීය විය.

සපුගස්කන්ද බලාගාරයට ලබාදී තිබු දැවිතෙල් තොග අද දහවල් වනවිට අවසන්වීමට නියමිතව තිබුණත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රියේ තවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 600 ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදුන් බව විදුලිබල අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ පැවසුවද සපුගස්කන්ද බලාගාරයේ දැවිතෙල් අවසන්වීම හේතුවෙන් අද පස්වරු 12ට පමණ බලාගාරයේ ක්‍රියාකාරීත්වය නතර වු බව විදුලිබල මණ්ඩලය පැවසීය.

ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවු විදුලි ධාරිතාව මෙගාවෙට් 108කි.

සති අන්තයේ සාපේක්ෂව අඩු විදුලි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේවෙතත් එළඹෙන අඟහරුවාදා වනවිට තාප බලාගාරවල දැවිතෙල් අවසන්වීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 183ක් පමණ අහිමිවී යන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා,

“අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවෙයි. අලුත් නැවක් එන දවස සමහරවිට මාර්තු මාසයේ වෙයි කියනවා. ඒ නැවට ගෙවන්න ඩොලර් හොයන්න ඕනේ.”

මේ අතර විදුලිය භාවිතය කළමනාකරණය කිරීමට මාර්ගවල රාත්‍රී විදුලි පහන් නිවා දැමීමට හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීමට වන යෝජනාවලියක් විදුලිබල අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08