යල කන්නයේ වගා කරන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 7 ඉක්මවයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අනාවරණ කර තිබෙනවා.

පසුගියදා පළාත් කෘෂිකර්ම බලධාරින් හා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී යි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් යල කන්නයක දී වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර වාර්තා විය හැකි බවයි.

වගා කන්න තුනකට පසු සියලු රසායනික පොහොර එකවර ලැබෙන පළමු කන්නය මෙම යල කන්නය යි. එමෙන්ම දැනට රටේ තිබෙන ජලාශ හා වැව් බහුතරයක වගාවට අවශ්‍ය තරම් විශාල ජල ප්‍රමාණයක් ද වාර්තා වන බැවින් ගොවීන් සියලු දෙනාම වී වගා කිරීමට සූදානමින් සිටින බව සඳහන්.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් පහත දැමීම සදහා රජය මෙවර යල කන්නයේ දී සුවිශේෂි පියවරක් වශයෙන් වී වගා කරන සෑම ගොවියෙකුටම පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් දෙකක් වගා කරන ගොවීන්ට රුපියල් 40,000ක් මුදලක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙම මුදල ලබා දෙන්නේ මඩපොහොර නොමිලයේ ලබා දෙන අතරම අනිකුත් පොහොර මිල දී ගැනීම සඳහායි. එමෙන්ම රජය විසින් ලබා දෙන යූරියා පොහොර හා බන්ඩි පොහොර මිල ද තවදුරටත් අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළා.

එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි වල් නාශක හා පළිබෝධ නාශක මිල ගණන් ද සියයට 20කින් පහළ දැමීමට වල්නාශක හා පළිබෝධ නාශක ආනයනය කරන හා බෙදාහරින සමාගම් එකඟත්වය පළ කර තිබීම හේතුවෙන් ගොවීන්ට තවදුරටත් වගාවට අවශ්‍ය සහන සැළසෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27