AFC Banner
AFC Banner
Empty Ad

යල කන්නයේ වගා කරන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 7 ඉක්මවයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අනාවරණ කර තිබෙනවා.

පසුගියදා පළාත් කෘෂිකර්ම බලධාරින් හා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී යි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් යල කන්නයක දී වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර වාර්තා විය හැකි බවයි.

වගා කන්න තුනකට පසු සියලු රසායනික පොහොර එකවර ලැබෙන පළමු කන්නය මෙම යල කන්නය යි. එමෙන්ම දැනට රටේ තිබෙන ජලාශ හා වැව් බහුතරයක වගාවට අවශ්‍ය තරම් විශාල ජල ප්‍රමාණයක් ද වාර්තා වන බැවින් ගොවීන් සියලු දෙනාම වී වගා කිරීමට සූදානමින් සිටින බව සඳහන්.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් පහත දැමීම සදහා රජය මෙවර යල කන්නයේ දී සුවිශේෂි පියවරක් වශයෙන් වී වගා කරන සෑම ගොවියෙකුටම පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් දෙකක් වගා කරන ගොවීන්ට රුපියල් 40,000ක් මුදලක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙම මුදල ලබා දෙන්නේ මඩපොහොර නොමිලයේ ලබා දෙන අතරම අනිකුත් පොහොර මිල දී ගැනීම සඳහායි. එමෙන්ම රජය විසින් ලබා දෙන යූරියා පොහොර හා බන්ඩි පොහොර මිල ද තවදුරටත් අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළා.

එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි වල් නාශක හා පළිබෝධ නාශක මිල ගණන් ද සියයට 20කින් පහළ දැමීමට වල්නාශක හා පළිබෝධ නාශක ආනයනය කරන හා බෙදාහරින සමාගම් එකඟත්වය පළ කර තිබීම හේතුවෙන් ගොවීන්ට තවදුරටත් වගාවට අවශ්‍ය සහන සැළසෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?