යතුරුපැදිය පාලනයෙන් ගිලිහී පොලිස් කොස්තාපල් ජීවිතක්ෂයට

හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (10) පෙරවරුවේ පල්ලම පොලිස් වසමේ නන්දිමිත්‍ර පාසල අසළ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

මෙලෙස මියගොස් ඇති කොස්තාපල්වරයා රිදීබැඳිඇල්ල, 02 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (10) පස්වරුවේ මෙලෙස මියගොස් තිබෙනවා.

තම මිතුරෙකු හමුවීමට ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
2
+1
30
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?