යතුරුපැදියක් සුඛෝපභෝගී බසයක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් අධි සුඛෝපභෝගී පුද්ගලික බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ දී ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ කරුවගලස්වැව, කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක තරුණයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස් රථය සහ යතුරුපැදිය අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර, බස් රථයට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදිය ආපසු හැරී ධාවනය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී බස් රථයේ ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනාම ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී යතුරුපැදියේ පිටුපස ගමන් ගත් තරුණයා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂක පවත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08