AFC Banner
AFC Banner
Empty Ad

යතුරුපැදියක් බසයක ගැටී උසස් පෙළ සිසුවෙකුට තුවාල

ගාලුපාරේ වස්කඩුව ප්‍රදේශයේදී ලංගම බසයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ සිසුවෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකු බව සඳහන්.

ඊයේ දහවල් අලුත්ගම සිට කොළඹ බලා ගමන් ගත් බස් රථය තවත් රථයකට ඉස්සර කර යාමට උත්සහ කිරීමේ දී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබෙනවා.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරට ලක්ව ඇති සිසුවා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?