යතුරුපැදියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු තවත් යතුරුපැදියක ගැටී රෝහලට

යතුරුපැදියක් පැහැරගෙන පලා යමින් සිටි පුද්ගලයෙකු තවත් යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් මංකොල්ලකරු තුවාල ලබා රෝහල්ගත කළ අවස්ථාවේ දී ගන්දර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වාව්ව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අකුරැස්ස ප්‍රදේශයෙන් ලබාගත් යතුරුපැදියක් ගන්දර ප්‍රදේශයේ පුද්ගලයෙකුට උකස් කර තිබියදී; වාව්ව ප්‍රදේශයේ පුද්ගලයා විසින් ම යතුරුපැදිය වෙනත් අයෙකුට විකිණීමේ මුවාවෙන් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි.

යතුරුපැදිය මිල දී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂා කිරීමට ධාවනය කළ බැලිය යුතු බවට පවසා; සැකකරු යතුරුපැදිය පැහැරගෙන ගොස් තිබෙනවා.

සැකකරු ගන්දර පිරවුම් හල අසල දී තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදු ව ඇත්තේ පැහැරගෙන යන අවස්ථාවේදීයි.

එම අනතුරෙන් යතුරුපැදිය පැහැරගෙන යමින් සිටි පුද්ගලයාගේ පාදයට බරපතළ තුවාල සිදු ව ඇතැයි ගන්දර පොලිසිය පවසනවා.

තුවාල ලත් පැදිකරු පැහැරගෙන ගිය යතුරුපැදියෙන් ම මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තවත් පුද්ගලයකුට යතුරුපැදිය අකුරැස්සට රැගෙන යන ලෙසට පවසා ඔහුට භාර දී රෝහල්ගතව ඇතැයි ද, රෝහලේ දී සැකකරුට සැත්කමක් ද සිදු කර ඇතැයි ද සිදු කළ විමර්ශනවල දී හෙළිදරවු වී තිබෙනවා.

යතුරුපැදිය පැහැර ගත් තැනැත්තා ඇතුළු ඊට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හා යතුරුපැදි දෙකක් ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීමට තවත් අයගේ සම්බන්ධයක් තිබේ ද යන්න සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08