යතුරුපැදියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු තවත් යතුරුපැදියක ගැටී රෝහලට

යතුරුපැදියක් පැහැරගෙන පලා යමින් සිටි පුද්ගලයෙකු තවත් යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් මංකොල්ලකරු තුවාල ලබා රෝහල්ගත කළ අවස්ථාවේ දී ගන්දර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වාව්ව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අකුරැස්ස ප්‍රදේශයෙන් ලබාගත් යතුරුපැදියක් ගන්දර ප්‍රදේශයේ පුද්ගලයෙකුට උකස් කර තිබියදී; වාව්ව ප්‍රදේශයේ පුද්ගලයා විසින් ම යතුරුපැදිය වෙනත් අයෙකුට විකිණීමේ මුවාවෙන් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි.

යතුරුපැදිය මිල දී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂා කිරීමට ධාවනය කළ බැලිය යුතු බවට පවසා; සැකකරු යතුරුපැදිය පැහැරගෙන ගොස් තිබෙනවා.

සැකකරු ගන්දර පිරවුම් හල අසල දී තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදු ව ඇත්තේ පැහැරගෙන යන අවස්ථාවේදීයි.

එම අනතුරෙන් යතුරුපැදිය පැහැරගෙන යමින් සිටි පුද්ගලයාගේ පාදයට බරපතළ තුවාල සිදු ව ඇතැයි ගන්දර පොලිසිය පවසනවා.

තුවාල ලත් පැදිකරු පැහැරගෙන ගිය යතුරුපැදියෙන් ම මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තවත් පුද්ගලයකුට යතුරුපැදිය අකුරැස්සට රැගෙන යන ලෙසට පවසා ඔහුට භාර දී රෝහල්ගතව ඇතැයි ද, රෝහලේ දී සැකකරුට සැත්කමක් ද සිදු කර ඇතැයි ද සිදු කළ විමර්ශනවල දී හෙළිදරවු වී තිබෙනවා.

යතුරුපැදිය පැහැර ගත් තැනැත්තා ඇතුළු ඊට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හා යතුරුපැදි දෙකක් ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීමට තවත් අයගේ සම්බන්ධයක් තිබේ ද යන්න සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?