යක්කලමුල්ලේ දී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක් වූ දරුවා ජීවිතක්ෂයට

පසුගිය 19 වනදා යක්කලමුල්ල, මාගෙදර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකදී වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි සිව්හැවිරිදි දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දරුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (30) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගාල්ල, යක්කලමුල්ල, මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහු අසල සිටි අනුත් සත්සර නමැති සිව්හැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කළා.

බරපතළ තුවාල ලබා සිටි දරුවා ගාල්ල – කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වෙඩි වැදිමෙන් මිය ගිය පුද්ගලයා ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි වාර්තා වුණේ.

ඔහු කරන්දණිය ප්‍රදේශයේ සිදුවූ ඝාතනය සිද්ධියක නඩුවක සැකකරුවෙකු වන අතර, අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටියදීයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?