යක්කලමුල්ලේ දී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක් වූ දරුවා ජීවිතක්ෂයට

පසුගිය 19 වනදා යක්කලමුල්ල, මාගෙදර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකදී වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි සිව්හැවිරිදි දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දරුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (30) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගාල්ල, යක්කලමුල්ල, මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහු අසල සිටි අනුත් සත්සර නමැති සිව්හැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කළා.

බරපතළ තුවාල ලබා සිටි දරුවා ගාල්ල – කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වෙඩි වැදිමෙන් මිය ගිය පුද්ගලයා ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි වාර්තා වුණේ.

ඔහු කරන්දණිය ප්‍රදේශයේ සිදුවූ ඝාතනය සිද්ධියක නඩුවක සැකකරුවෙකු වන අතර, අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටියදීයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54