මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයකට වැඩි ප්‍රේක්ෂකයින්ට ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායමට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම සම්බන්ධයෙන් අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා.

ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී කිරුළ සඳහා ඉන්දීය කණ්ඩායමට සහායවීමට නිල් පැහැති ඇඳුමින් සැරසුණු එක්ලක්ෂ තිස්දහසක පමණ පිරිසක් ඊයේ ක්‍රීඩාංගණයට රැස්ව සිටියා.

කෙසේ වෙතත් පිටියේ හතරේ සීමාවෙන් ඇතුළත ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 11 දෙනා ආධිපත්‍යය දැරීමත් සමඟ ඉන්දීය ප්‍රේක්ෂකාගාරය මීයට පිම්බා සේ නිහඬ වුණා.

එලෙස නිශ්ශබ්ද වීම හේතුවෙන් ඉන්දීය සමාජ මාධ්‍ය තුළ මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ට මේ වනවිට දෝෂාරෝපණ එල්ල කරන්නට පටන්ගෙන තිබෙනවා.

තරගයට පෙර දිනයේ දී ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ප්‍රේක්ෂකාගාරය නිශ්ශබ්ද කිරීම තම අරමුණ බව පවසා තිබූ පසුබිමක එම අරමුණ සාර්ථක කර ගැනීමට මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් සහාය වූ බවටයි චෝදනා කරන්නේ.

රෝහිත් ෂර්මාගේ කණ්ඩායමට වඩාත් අවශ්‍ය වූ අවස්ථාවලදී පවා කණ්ඩායමේ මනෝභාවය ඉහළ නැංවීමට ප්‍රේක්ෂකාගාරය අපොහොසත් වීම ගැන මෙලෙස දොස් පවරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණේ.

ඉන්දීය පිළට අවසන් මහා තරගය ජයගැනීමට නොහැකි බව වටහාගෙන ඇතැම් ක්‍රීඩාලෝලීන් වේලාසනින්ම ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගිය ආකාරය ද දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පැට් කමින්ස් ප්‍රකාශ කළේ ප්‍රේක්ෂකයින් නිහඬව සිටීම ගැන තමා සතුටු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
62
+1
0
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?