AFC Banner
AFC Banner
Empty Ad

මෝදිගේ භාරතීය ජනතා පක්ෂය යළිත් භාරතයේ බලය අල්ලයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මහ මැතිවරණයේ පැහැදිලි ජයක් ලබා තිබෙනවා.

ඒ, අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කළේ.

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය ලෝක් සභා ආසන 240ක් ජයග්‍රහණය කර ඇති බවයි මැතිවරණ කොමිසමේ දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය මෙවර මැතිවරණයේ දී ආසන 99ක් දිනා ගනිමින් ප්‍රබල නැගිටීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ, අනුව 2019 මහ මැතිවරණයට සාපේක්ෂව කොංග්‍රසය සිය ආසන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කර ගැනීමට හැකිව තිබෙනවා.

ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලොක් සභාවේ ආසන 543ක් පවතින අතර, එහි ආසන 272ක් ලබාගන්නා පක්ෂයට බහුතර බලය පිහිටුවීමට හැකියාව ලැබෙනවා.

භාරතීය ජනතා පක්ෂය ලොක් සභාව තුළ ආසන 400 දිනාගැනීමේ අරමුණින් මෙවර ඡන්ද සටන ඇරඹුවත් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල මත භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 300 ආසන්නයට පැමිණමින් සෑහීමකට පත්වීමටයි සිදුව ඇත්තේ.

මෙවර මහ මැතිවරණය අදියර 07 කින් පැවැති අතර, ඒ සඳහා ඡන්දදායකයන් මිලියන 911.9ක් ලියාපදිංචිව සිටියා.

අදියර 07 අවසානයේ මිලියන 644.08 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.63ක්.

මෙවර ඉන්දීය මහ මැතිවරණය දැක්වෙන්නේ ලෝකයේ මැතිවරණයක වැඩිම සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර තිබූ මැතිවරණය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?