මෝදිගේ භාරතීය ජනතා පක්ෂය යළිත් භාරතයේ බලය අල්ලයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මහ මැතිවරණයේ පැහැදිලි ජයක් ලබා තිබෙනවා.

ඒ, අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කළේ.

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය ලෝක් සභා ආසන 240ක් ජයග්‍රහණය කර ඇති බවයි මැතිවරණ කොමිසමේ දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය මෙවර මැතිවරණයේ දී ආසන 99ක් දිනා ගනිමින් ප්‍රබල නැගිටීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ, අනුව 2019 මහ මැතිවරණයට සාපේක්ෂව කොංග්‍රසය සිය ආසන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කර ගැනීමට හැකිව තිබෙනවා.

ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලොක් සභාවේ ආසන 543ක් පවතින අතර, එහි ආසන 272ක් ලබාගන්නා පක්ෂයට බහුතර බලය පිහිටුවීමට හැකියාව ලැබෙනවා.

භාරතීය ජනතා පක්ෂය ලොක් සභාව තුළ ආසන 400 දිනාගැනීමේ අරමුණින් මෙවර ඡන්ද සටන ඇරඹුවත් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල මත භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 300 ආසන්නයට පැමිණමින් සෑහීමකට පත්වීමටයි සිදුව ඇත්තේ.

මෙවර මහ මැතිවරණය අදියර 07 කින් පැවැති අතර, ඒ සඳහා ඡන්දදායකයන් මිලියන 911.9ක් ලියාපදිංචිව සිටියා.

අදියර 07 අවසානයේ මිලියන 644.08 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.63ක්.

මෙවර ඉන්දීය මහ මැතිවරණය දැක්වෙන්නේ ලෝකයේ මැතිවරණයක වැඩිම සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර තිබූ මැතිවරණය ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39