මෝදිගේ ඇමෙරිකානු සංචාරය මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි ?

නැඟී එන ආසියාතික ආධිපත්‍යයක් වන චීනය මේ වනවිට උත්සාහ කරමින් සිටින්නේ ඉන්දු පැසිෆික් කලාපය හරහා සහ ඉන් ඔබ්බට සිය බලපෑම් කලාපය පුළුල් කිරීමටයි.

ඒ, අනුව ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මීට දශක අටකට ඉහතදී එක්සත් ජනපදය හා ඉන්දියාව “ණය-බදු” ක්‍රමයට අත්වැල් බැඳගත් අයුරින් අත්වැල් බඳිනු ඇති බවට මත පළ වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පසුගියදා එක්සත් ජනපදයේ සිදුකළ සංචාරයත් සමගයි.

චීනයට චෝදනා එල්ල වන්නේ ඔවුන්ගේ “එක් තීරයක් – එක් මාර්ගයක් මුලපිරීම” සහ සමුද්‍රීය සේද මාවත භාවිත කරමින්
“ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය” හරහා සංවර්ධනය වෙමින් පවතින ජාතීන් පරීක්ෂා කිරීමට පමණක් නොව, කලාපීය ආධිපත්‍යය පතුරවාලීම සඳහා වන ඔවුන්ගේ සැබෑ අරමුණ වසන් කරමින් සිටින බවටයි.

ඉන්දීය නාවික හමුදා හිටපු ප්‍රධානියෙකු වන අරුන් ප්‍රකාශ් “ද ඉන්දියන් එක්ස්ප්‍රස් ” ඔස්සේ පළ කළ ලිපියකින් පවසන්නේ චීනයේ අභිප්‍රාය වී ඇත්තේ “9 ඩෑෂ් රේඛාව” නම් කල්පිත රේඛාව හරහා දකුණු චීන මුහුදේ කොටසක ආධිපත්‍යය ඇති කර ගැනීම, නැගෙනහිර චීන මුහුදේ දූපත් සම්බන්ධයෙන් ජපානය සමඟ ඇති ආරවුල සාධාරණීකරණය කරගැනීම සහ කෘත්‍රිම දූපත් නීතිවිරෝධී ලෙස නිර්මාණය කිරීම වැනි කරුණු සඳහා උත්සාහ කිරීම බවයි.

කලාපීය සාමයට වඩාත්ම අස්ථාවර සහ නොනවතින තර්ජනය පවතින්නේ බලහත්කාරයෙන් හෝ තායිවානය චීනය සමඟ යළි ඒකාබද්ධ කිරීම සඳහා චීනයට ඇති අභිලාෂය බව ඔහුගේ මතයයි.

ඉන්දියාව සම්බන්ධයෙන් ගත් කළ චීන-ඉන්දියානු අසමගියේ මූලයන් චීනය විසින් ටිබෙටය ඈඳා ගැනීම සහ 1959 දී දලයි ලාමාට සරණාගතභාවය ලබාදීම දක්වා දිව යනවා.

1962 දී ඉන්දු-චීන යුද්ධය මගින් LAC නමින් හැඳින්වෙන සැබෑ පාලන රේඛාව නිර්මාණය කළා මිස වෙනත් කිසිවක් විසඳා ගැනීමට හැකි වී නැහැ .

චීනයේ ආර්ථික, මිලිටරි සහ තාක්‍ෂණික වසම්වල සාපේක්ෂ වර්ධනය වන අසම්මිතිය සහ තර්ජනාත්මක බව සහ චීන-පකිස්තාන මිලිටරි අක්ෂයක පැවැත්ම ඉන්දියාව දුෂ්කර තත්ත්වයකට පත් කරමින් සිටින බව ඉන්දීය නාවික හමුදා හිටපු ප්‍රධානියෙකු වන අරුන් ප්‍රකාශ්ගේ මතයයි.

බල තුලනය චීනයට පක්ෂව දැඩි ලෙස නැඹුරු වී තිබුණ ද න්‍යෂ්ටික අවි රාජ්‍යයක්, සැලකිය යුතු ආර්ථික, මිලිටරි සහ ජන විකාශනයක් ඇති රටක් ලෙසත්, සියල්ලටත් වඩා, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාත් සිය අධිපතිවාදී අසල්වැසියාට එරෙහිව නැගී සිටීම ඉන්දියාවට පැවරී තිබෙන ප්‍රබල කාර්යභාරයක්.

යුක්රේන යුද්ධය සහ එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් රුසියාව චීනය සමඟ මිත්‍ර වී ඇතිවා පමණක් නොව, ඔවුන්ගේ මිලිටරි-කාර්මික සම්මිශ්‍රණයට තවදුරටත් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ට සහය දැක්වීමට හැකියාවක් නොමැති බැවින් එය ඉන්දියාවට එල්ල කරන්නේ ප්‍රබල බලපෑමක්.

මෙම තත්ත්වයන් යටතේ, අගමැති මෝදිගේ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය සිදුව ඇත්තේ වඩාත් සුදුසුම මොහොතේ යන්න ලේඛකයාගේ මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04