AFC Banner
Empty Ad
Empty Ad

මෝදිගෙන් පාකිස්තානයට යළිත් ත්‍රස්ත චෝදනා

පාකිස්තානය “ත්‍රස්තවාදය” සමග සිටීමට උත්සාහ කරන නමුත් එහි “අශුද්ධ සැලසුම්” කිසි විටෙකත් සාර්ථක නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

1999 ඉන්දු-පකිස්තාන ගැටුමේදී හිමාලයේ කාර්ගිල් ප්‍රදේශයේ මියගිය සොල්දාදුවන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමෙන් පසු මෝදි මෙම අදහස් පල කළා.

“ත්‍රස්තවාදයේ ආධාරකරුවන්ට” තම හඬ පැහැදිලිව ඇසෙන ස්ථානයක සිට තමා කතා කරන බව ඔහු පැවසුවා.

ත්‍රස්තවාදය සමග සම්බන්ධකම් දිගටම පවත්වාගෙන යන පාකිස්තානය අතීත අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමට අපොහොසත් වී ඇති බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චෝදනා කළා.

මෝදි වැඩිදුරටත් පැවසුවේ ඉස්ලාමාබාද්හි “දුෂ්ට සැලසුම්” කිසිදා සාර්ථක නොවන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, “පකිස්තානයේ පසුගිය කාලයේ ගත් දුෂ්ට ප්‍රයත්නයන් අසාර්ථක වූ නමුත් ත්‍රස්තවාදයට ආධාර කිරීමට දිගටම උත්සාහ කරන” බවයි.

දකුණු ආසියාවේ න්‍යෂ්ටික අවි සහිත අසල්වැසියන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ පකිස්ථානය අතර සබඳතා දශක ගණනාවක් තිස්සේ බිඳ වැටී තිබෙනවා.

කාශ්මීරයේ දිල්ලි විරෝධී ඉස්ලාමීය සටන්කාමීන්ට සහාය දක්වන බවට ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරයි.

සටන්කාමීන්ට සහාය දක්වන බවට ඉන්දීය නිලධාරීන්ගේ චෝදනා පකිස්තානය ප්‍රතික්ෂේප කර ඇති අතර, තමන් ස්වයං නිර්ණය අපේක්ෂා කරන කාශ්මීර වැසියන්ට “රාජ්‍ය තාන්ත්‍රික සහ සදාචාරාත්මක සහය” පමණක් සපයන බව ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්
03:12
Video thumbnail
දියවන්නා තරණයට මම සූදානම්... - මැති සබේ මුහුණු පොත
00:00
Video thumbnail
හදීසියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිඹුල් කඳුලු හෙලපු ගම්මන්පිලට බීපු කිරි මතක් වෙන්නම දෙසයි #pasku
18:38
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01
Video thumbnail
මැතිවරණ කොමසාරිස් හදීසියේ කළ විශේෂ ප්‍රකාශය #election2024
03:27
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
01:23
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55
Video thumbnail
තිස්ස බොදු දරුවෙක් වෙයි - ආණ්ඩුවේ ගුණ වයයි #sajithpremadasa #anurakumaradissanayake
01:37
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05

?