මෝදිගෙන් පාකිස්තානයට යළිත් ත්‍රස්ත චෝදනා

පාකිස්තානය “ත්‍රස්තවාදය” සමග සිටීමට උත්සාහ කරන නමුත් එහි “අශුද්ධ සැලසුම්” කිසි විටෙකත් සාර්ථක නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

1999 ඉන්දු-පකිස්තාන ගැටුමේදී හිමාලයේ කාර්ගිල් ප්‍රදේශයේ මියගිය සොල්දාදුවන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමෙන් පසු මෝදි මෙම අදහස් පල කළා.

“ත්‍රස්තවාදයේ ආධාරකරුවන්ට” තම හඬ පැහැදිලිව ඇසෙන ස්ථානයක සිට තමා කතා කරන බව ඔහු පැවසුවා.

ත්‍රස්තවාදය සමග සම්බන්ධකම් දිගටම පවත්වාගෙන යන පාකිස්තානය අතීත අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමට අපොහොසත් වී ඇති බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චෝදනා කළා.

මෝදි වැඩිදුරටත් පැවසුවේ ඉස්ලාමාබාද්හි “දුෂ්ට සැලසුම්” කිසිදා සාර්ථක නොවන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, “පකිස්තානයේ පසුගිය කාලයේ ගත් දුෂ්ට ප්‍රයත්නයන් අසාර්ථක වූ නමුත් ත්‍රස්තවාදයට ආධාර කිරීමට දිගටම උත්සාහ කරන” බවයි.

දකුණු ආසියාවේ න්‍යෂ්ටික අවි සහිත අසල්වැසියන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ පකිස්ථානය අතර සබඳතා දශක ගණනාවක් තිස්සේ බිඳ වැටී තිබෙනවා.

කාශ්මීරයේ දිල්ලි විරෝධී ඉස්ලාමීය සටන්කාමීන්ට සහාය දක්වන බවට ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරයි.

සටන්කාමීන්ට සහාය දක්වන බවට ඉන්දීය නිලධාරීන්ගේ චෝදනා පකිස්තානය ප්‍රතික්ෂේප කර ඇති අතර, තමන් ස්වයං නිර්ණය අපේක්ෂා කරන කාශ්මීර වැසියන්ට “රාජ්‍ය තාන්ත්‍රික සහ සදාචාරාත්මක සහය” පමණක් සපයන බව ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16