මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළ දමමින් විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.

මෙම නව ගාස්තු නොවැම්බර් 18 වැනි දා සිට බලාත්මක වනු ඇති.

සීසී 1600 හෝ සීසී 1600ට අඩු මෝටර් රථ සඳහා ගෙවිය යුතු ගාස්තුව රු 25,000ක් වේ.

එමෙන්ම සීසී 1600ට වැඩි කිලෝවොට් 80ට වැඩි මෝටර් රථ සඳහා ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව රු 40,000කි.

ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරනු ලබන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව 2000කි.

මෝටර් ගිලන් රථ, මෝටර් අවමංගල්‍ය ර, සඳහා ලියාපදිංචි ගාස්තුව රු 10,000ක් වේ.

යතුරුපැදි සඳහා ලියාපදිංචි ගාස්තුව රු 3,000ක් වන අතර, විශේෂ කාර්ය වාහන පළමු වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු 30,000ක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?