ලෝක කුසලානයේ පළමු ජය වෙනුවෙන් පාකිස්ථානයට 148 ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ආරම්භක තරගය ලෙසින් පැවැත්වුණු පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 147ක් රැස්‌කර ගනු ලැබුවා.

ඒ නියමිත පන්දුවාර 20ට තවත් එක පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී පිතුකරුවන් සියලු දෙනා දැවී යාමෙන් අනතුරුවයි.

ඒ අනුව පාකිස්තානයට ලෝක කුසලාන තරගාවලිය සඳහා ජයග්‍රාහි ආරම්භයක් ලබා ගැනීමට අවශ්‍ය කර ඇති ඉලක්කය වන්නේ ලකුණු 148ක්.