නවතා තිබූ රථයේ පිටුපසින් පැමිණ ගැටුණු කුඩා ලොරි රථයේ රියදුරු සහ සහායකයා රෝහලේ

හබරණ, පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී අද (07) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනක් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කුඩා ලොරි රථයක් සහ කන්ටේනරයක් සහිත ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මින්නේරිය පොලිසිය සඳහන් කළේ.

මෙම ලොරි රථ දෙකම පොළොන්නරුව දෙස සිට හබරණ දෙසට ගමන් කර ඇති අතර කන්ටේනරය සහිත ලොරි රථය මාර්ගයේ අයිනේ නවතා එහි රියදුරා වෙළඳසැලකට ගොස් තිබෙන අතරතුර පිටුපසින් පැමිණි කුඩා ලොරි රථය, කන්ටේනරය සහිත ලොරි රථයේ පිටුපස කොටසේ ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරෙන් කුඩා ලොරි රථයේ ගමන් කළ රිය සහායකයා සහ රියදුරා තුවාල ලබා ඇතිි අතරින් ඔවුන් දෙදෙනාම හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහල් වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගේම තත්ත්වය බරපතල බවයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනරය සහිත ලොරි රථයේ රියදුරු මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගෙන ඇති ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08