මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මොවුන්ව අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු හිටපු සහකාර ලේකම්වරිය මේ වනවිට ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක්.
මේ අතර අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදුකරීම යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර, එම වාහන අනීතිකව පැවරීමක් සිදුකිරීම සඳහා නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් එම ශාඛාවේම විමර්ශන අංශයේ අධීක්ෂණ නිලධාරියෙක් ද මෙලෙස අත්අඩංගුවට පත් තිදෙනා අතරට අයත්.





