බකමූණ පොලිස් වසමේ නාඋල – ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී කාලයේ සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාඋල දෙස සිට ඇළහැර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ග සංඥා කණුවක ද ගැටී මාර්ගය අසලින් ගලා බසින යෝධ ඇළට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර, තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යැවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අනතුරින් මියගිය මෝටර් රථයේ රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවන අතර, මියගිය කාන්තාව නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.
තුවාල ලැබූ කාන්තාව මියගිය කාන්තාවගේ දියණිය බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
බකමූණ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මෝටර් රථය ගොඩගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ අකර ඇති බවයි බකමූණ පොලිසිය සඳහන් කළේ.