මෝටර් රථයක් යෝධ ඇළට පෙරළී රියදුරු සහ මව මරුට – දියණියට තුවාල

බකමූණ පොලිස් වසමේ නාඋල – ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී කාලයේ සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නාඋල දෙස සිට ඇළහැර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ග සංඥා කණුවක ද ගැටී මාර්ගය අසලින් ගලා බසින යෝධ ඇළට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර, තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යැවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් මියගිය මෝටර් රථයේ රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවන අතර, මියගිය කාන්තාව නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.

තුවාල ලැබූ කාන්තාව මියගිය කාන්තාවගේ දියණිය බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

බකමූණ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෝටර් රථය ගොඩගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ අකර ඇති බවයි බකමූණ පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10