Empty Ad
Empty Ad
AFC Banner

මොහොමඩ් සලේ කලකිරීමෙන්

ලෝක පාපන්දු ශූරයෙකු වන මොහොමඩ් සලේ තමාට නව කොන්ත්‍රාත් කාලයක් ලබා නොදීම හේතුවෙන් සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ කණ්ඩායම් කළමනාකාරීත්වය වෙත එල්ල කර තිබෙනවා.

BBC පුවත් සේවය වාර්තා කරන පරිදි ලිවර්පූල් පාපන්දු ක්‍රීඩා සමාජය විසින් සලේට නව කොන්ත්‍රාතුවක් පිළිනොගැන්වීම හේතුවෙන් දැඩිව කලකිරී සලේ සිය අප්‍රසාදය ප්‍රසිද්ධ මාධ්‍යයේ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සලේගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ලිවර්පූල් ක්‍රීඩා සමාජයේ හිටපු කළමනාකරු Jamie Carragher ද සිය අමනාපය පළ කර තිබෙනවා.

ජැමී සඳහන් කර ඇත්තේ සලේ යනු ආත්මාර්ථකාමී පුද්ගලයෙකු බවයි.

කාලයක් ලිවර්පූල් වෙනුවෙන් ක්‍රීඩා කළ මොහොමඩ් සලාගේ ගනුදෙනු කාලය පෙරේදා (24) දිනයේ දී අවසන් වුණා.

නමුත් සලා බලා සිටියද කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමක් හෝ සිදු ව නැහැ.

32 හැවිරිදි ඔහු මෙම වාරයේ ලිවර්පූල් හි වැඩිම ලකුණු ලාභියා යි.

සියලුම තරගවලදී ගෝල 12 ක් ලබා ඇති මොහොමඩ් සලා ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දී ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

සලාගේ ප්‍රකාශයන් පිළිබඳව ලිවර්පූල් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැති බවත් ලිවර්පූල් සහ සලාගේ නියෝජිතයා වන රමී අබ්බාස් ඉසා අතර සම්බන්ධතාව අඛණ්ඩව පවතින අතර එය ධනාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?