මොරටුව උසාවිය තුළදී පොලිස් සැරයන්වරයෙකු මරුට

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළදී විනිසුරුතුමාට ආචාර කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු හදිසියේ බිම ඇද වැටීමෙන් මියගොස් ඇතැයි පිලියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ හක්මන පොලිසියට අනියුක්තව අපරාධ අංශයේ සේවය කරමින් සිටී වලස්මුල්ල කොහොලාන දිවුලම්පිටිය පාර පදිංචිව සිටි ගිගන ගමගේ මහනාම නිශාන්ත ප්‍රියදර්ශන 50 තිදරු පියෙකි.

මියගිය පොලිස් සැරයන්වරයා මීට වසර කිහිපයකට ඉහත දී මොරටුව එගොඩඋයන පොලිසියේ සේවය කරමින් සිටියදී
2018 මැයි මාසයේදී පහරදීමක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

එම නඩුව ඊයේ 23 දින විභාග වෙමින් තිබියදී සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබාදී තිබූ සැරයන්වරයා අනතුරුව මහේස්ත්‍රාත් තුමාට ආචාර කරන අවස්ථාවේදී රෝගී වී එකවරම බිම ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ එහි සිටි පොලිස් නිලධාරීන් සැරයන් වරයාව ලුනාව රෝහලට රැගෙන එන විටත් මිය ගොස් ව සිට ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා කීය.

එම අවස්ථාවේදී මදවෙලාවකට අධිකරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබිණි.

මියගිය සැරයන්වරයාගේ මෘත දේහය තැන්පත් කර තිබූ ලුනාව ප්‍රාදේශීය රෝහල වෙත පැමිණි හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළසිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අද දින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45