AFC Banner
Empty Ad
Empty Ad

මොරගහකන්ද ව්‍යාපෘතියේ සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් – අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය සුළු සේවකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ඝාතනයකින් අවසන් වූ පුවතක් වාර්තා වනවා.

අද (17) දහවල් මහ ඇල ව්‍යාපෘතියේ, මීගස්වැව ප්‍රදේශයෙන් ඉදිවෙමින් පවතින උමඟේ සේවකයින් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති අතර එහිදී එල්ල කළ පිහි ප්‍රහාරයකින් එක් සේවකයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිහි ප්‍රහාරයෙන් තවත් තිදෙනෙක් තුවාල ලබා පොළොන්නරුව සහ හබරණ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මීගස්වැව ප්‍රදේශයේ කැලෑවකට පළා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස පළාගිය සැකකරුවන් සොයා මොරගොඩ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

IMG 20231217 WA0020
vlcsnap 2023 12 17 18h17m01s930
vlcsnap 2023 12 17 18h16m55s114
vlcsnap 2023 12 17 18h16m48s776
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
3
+1
2
+1
34
+1
5
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?