මොරගහකන්ද ව්‍යාපෘතියේ සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් – අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය සුළු සේවකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ඝාතනයකින් අවසන් වූ පුවතක් වාර්තා වනවා.

අද (17) දහවල් මහ ඇල ව්‍යාපෘතියේ, මීගස්වැව ප්‍රදේශයෙන් ඉදිවෙමින් පවතින උමඟේ සේවකයින් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති අතර එහිදී එල්ල කළ පිහි ප්‍රහාරයකින් එක් සේවකයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිහි ප්‍රහාරයෙන් තවත් තිදෙනෙක් තුවාල ලබා පොළොන්නරුව සහ හබරණ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මීගස්වැව ප්‍රදේශයේ කැලෑවකට පළා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස පළාගිය සැකකරුවන් සොයා මොරගොඩ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

IMG 20231217 WA0020
vlcsnap 2023 12 17 18h17m01s930
vlcsnap 2023 12 17 18h16m55s114
vlcsnap 2023 12 17 18h16m48s776


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17