AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට ඇති බවයි.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලැබුණු ආකාරය පිළිබඳව විමර්ශනයක් කර සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අද (16) දින එම පැමිණිල්ල යොමුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?