පැය දෙක බැගින් හෙට (9) සිට මේ මස 11 වැනිදා දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුව ක්රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.















