මේ වසරට ඉන්දීය ධීවරයින් 359ක් සිරභාරයට – ධීවර යාත්‍රා 50කුත් ඒ අතර

යාපනය – ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම පෙරේදා (07) දිනයේ දී සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යි.

එහිදී එම ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනුණා.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර; එලෙස සිදු කෙරුණු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රා මේ වනවිට (09) කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති බවත්, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත ව ඇති බවත් වාර්තා වනවා.

මේ අතර මෙම මෙහෙයුමත් සමග මෙම වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 50ක් සහ ඉන්දීය ධීවරයින් 359 දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10