කොවිඩ් මරුවා මේ වෙලාවෙත් ලෝකයේ කාගේ හෝ අසරණ ජීවිතයක් හිත්පිත් නැතුව බිලිගනිමින් සිටිනවා. ඒ අතරතුරත් ජීවිතත් එක්ක පොර බඳින උනුන් “කොරෝනා පලවා හරින්න” ලොකු උත්සහයක නියැලෙනවා.ඒ විදිහේ කතන්දර බොහෝමයක් මැද්දේ අපිට අහම්බෙන් වගේ බුකියෙන් හමුවුණු කතාවක් තමයි මේ…
මට කොවිඩ් පොසිටිව් මැඩම්.. මිනුවන්ගොඩ හොස්පිටල්.. පරිස්සමෙන්.. හරිම අමාරුයි.. ඊයේ වෙනකන් හුස්ම ගන්න බැරිවුණා. අද ටිකක් අඩුයි ! ඒත්.. උණ.. සීනි ඇවිල්ලා.. කන්න බැහැ අප්පරියයි…
ඉන්ජෙක්ෂන් දෙනවා මැඩම් දවසට දෙපාරක්.. දවසට බෙහෙත් පෙති 60ක් දෙනවා. ඒක වේලකට 20 ගානේ.. ඇස් පනාපිට මිනිස්සු මැරෙනවා මැඩම්.. මැඩම්ලත් පරිස්සමින් ! හරිම අමාරුයි… මම දෙවැනි ස්ටේජ් එකෙලූ.. කන්ට්රෝල් කරගන්න දඟලනවා. 1ට ආවොත් ICU බෙඩ් හොයන්න බැහැලු…
==========================අවුරුදු 15ක සිට මට හැමදේම කියන බුද්ධි.., ඇයි ඔයා අසනීපෙන් බව මට නොකිව්වේ කියලා මං කල්පනා කළා. මහත්තයාට, බබාලට සනීපද කියලත් ඇහුවා.
මං ෆෝන් එකෙන් මැසෙන්ජර් ඉවත් කරලා තිබුණේ. යළිත් මැසෙන්ජර් දාලා ඔයාගේ චැට් එකට ගියා. අනේ ඔයා මට හැමදේම කියලා. වචනයකින් හරි හිත හදන්න මට බැරි වුණා. මං දැක්කේ නෑ. අද ඔයා ICU ඇදක් මත ජීවිතේ සමඟ සටන් කරනවා. ඉක්මනින් සුව වෙන්න බුද්ධි. ඔයා හුගාක් ධෛර්යවන්ත කෙල්ලෙක්. ඔයාට පුලුවන් කොරෝනා පරද්දන්න.