AFC Banner
Empty Ad
Empty Ad

මෙවර LPL පිටියේ සුපිරිම කණ්ඩායම නම්කෙරේ

මෙවර එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් ඇතුළත් 11දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පිල් සෝල්ට්, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දීමාල් සහ තිසර පෙරේරා පිතිකරුවන් ලෙස එම සංචිතයට නම් කර ඇති බව සදහන් වෙයි.

සමිත් පටෙල්, දුෂ්මන්ත චමීර, මහීෂ් තික්ෂණ, ඉම්රාන් තාහීර්, ජේඩ්න් සීල්ස් එම කණ්ඩායමට ඇතුළත් කර ඇති සෙසු ක්‍රිඩකයින් වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට දඹුල්ල ජයන්ස් කණ්ඩායමේ පිල් සෝල්ට් පත්ව ඇති අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිත් පටෙල්, වැඩිම කඩුලු ලාභියා බවට පත්ව තිබේ.

පිල් සෝල්ට් මෙවර LPL තරගාවලියේ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 301ක් වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමන්‍යය 154.35ක් ලෙස සටහන්ව තිබේ.

එසේම මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ද ඇතුලත් කර ඇති අතර මෙවර LPL තරගාවලියේදී ඉහළ දක්ෂතා අතරට පැමිණි ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 288කි.

එම කණ්ඩායමට ඇතුලත් සෙසු ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු 249ක්, ඇන්ජලෝ මැතිව්ස් 191ක්, දිනේෂ් චන්දිමාල් 277ක්, තිසර පෙරේරා 173ක් බැගින් මෙවර LPL පිටියේ ලකුණු රැස්කරගෙන තිබේ.

සමිත් පටෙල් LPL තරගාවලියේ ලකුණු 116ක් රැස්කරගෙන ඇති අතර කඩුලු 15ක් ද ලබාගෙන තිබේ.

මේ අතර සෙසු පන්දු යවන්නන් වන කඩුලු 13ක් දවාගෙන ඇති දුෂ්මන්ත චමීර, කඩුලු 15ක් දවාගෙන ඇති මහීෂ් තීක්ෂණ, කඩුලු 15ක් දවාගෙන ඇති ඉම්රාන් තාහීර්, කඩුලු 14ක් දවාගෙන ඇති ජේඩ්න් සීල්ස් ද එම කණ්ඩායමට ඇතුලත් කර ඇත.

LPL තරගාවලියේ අවසන් ගැටුම ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර අද පස්වරු 7ට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?