මෙවර LPL පිටියේ සුපිරිම කණ්ඩායම නම්කෙරේ

මෙවර එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් ඇතුළත් 11දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පිල් සෝල්ට්, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දීමාල් සහ තිසර පෙරේරා පිතිකරුවන් ලෙස එම සංචිතයට නම් කර ඇති බව සදහන් වෙයි.

සමිත් පටෙල්, දුෂ්මන්ත චමීර, මහීෂ් තික්ෂණ, ඉම්රාන් තාහීර්, ජේඩ්න් සීල්ස් එම කණ්ඩායමට ඇතුළත් කර ඇති සෙසු ක්‍රිඩකයින් වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට දඹුල්ල ජයන්ස් කණ්ඩායමේ පිල් සෝල්ට් පත්ව ඇති අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිත් පටෙල්, වැඩිම කඩුලු ලාභියා බවට පත්ව තිබේ.

පිල් සෝල්ට් මෙවර LPL තරගාවලියේ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 301ක් වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමන්‍යය 154.35ක් ලෙස සටහන්ව තිබේ.

එසේම මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ද ඇතුලත් කර ඇති අතර මෙවර LPL තරගාවලියේදී ඉහළ දක්ෂතා අතරට පැමිණි ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 288කි.

එම කණ්ඩායමට ඇතුලත් සෙසු ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු 249ක්, ඇන්ජලෝ මැතිව්ස් 191ක්, දිනේෂ් චන්දිමාල් 277ක්, තිසර පෙරේරා 173ක් බැගින් මෙවර LPL පිටියේ ලකුණු රැස්කරගෙන තිබේ.

සමිත් පටෙල් LPL තරගාවලියේ ලකුණු 116ක් රැස්කරගෙන ඇති අතර කඩුලු 15ක් ද ලබාගෙන තිබේ.

මේ අතර සෙසු පන්දු යවන්නන් වන කඩුලු 13ක් දවාගෙන ඇති දුෂ්මන්ත චමීර, කඩුලු 15ක් දවාගෙන ඇති මහීෂ් තීක්ෂණ, කඩුලු 15ක් දවාගෙන ඇති ඉම්රාන් තාහීර්, කඩුලු 14ක් දවාගෙන ඇති ජේඩ්න් සීල්ස් ද එම කණ්ඩායමට ඇතුලත් කර ඇත.

LPL තරගාවලියේ අවසන් ගැටුම ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර අද පස්වරු 7ට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12