මෙවර මහ මැතිවරණයට දේශපාලනයේ ප්‍රබලයෝ රැසක් නෑ

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට දේශපාලනයේ දැඩි කතාබහක් මතු කළ ප්‍රබල චරිත කිහිපයක් ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේ දී කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වීමක් වාර්තා නොවන අතර; පසුගියදා තම පුත් දහම් සිරිසේන සර්වජන බලය පක්ෂය සමග ගිවිසුම්ගත වීමත් සමග මහ මැතිවරණයේ දී සිය සහාය එම පක්ෂයට ලබා දීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.

මේ අතර ඊයේ (10) දිනයේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තමන් තරග නොකරන බවටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ව සිට; පසුව ජනාධිපතිවරණ සමයේ දී ගෑස් සිලින්ඩරය යටතේ තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය දුන් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ, සී. බී. රත්නායක ද මෙවර මැතිවරණයෙන් ඉවත් ව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වන අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක සහ සමගි ජන සන්ධානයේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද මෙවර තරග කරන්නේ නැහැ.

හිටපු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ඩී .බී. හේරත්, සිරිපාල ගම්ලත්, චමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන් ද මැතිවරණයෙන් ඉවත් වීම නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ෂාන් විජයලාල්, මහින්ද යාපා අබේවර්ධන, ආචාර්‍ය විජේදාස රාජපක්ෂ, විමලවීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, කනක හේරත්, සී.වී.විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන හිටපු මැති ඇමතිවරුන් ද තරග කරන්නේ නැහැ.

මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවබෝධතා ගිවිසුම්ගත වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ද මෙවර මහමැතිවරණය අතහැරීමට තීරණය කළා.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා සඳහන් කළේ; තම පක්ෂය සමගි ජන සන්ධානය සමග සන්ධානගත වුව ද; මහ මැතිවරණයේ දී සිය දිස්ත්‍රික්ක 11කින් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සූදානම් කළ යෝජනාව නිසිලෙස ක්‍රියාත්මක නොවීමත්, සමගි ජන බලවේගය දුන් ගිවිසුම් කඩකිරීම් හේතුවෙන් ඉන් ඉවත් ව ස්වාධීන කටයුතු කිරීමට තීරණය කළ බවයි.

එබැවින් මෙවර මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව ද හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තු ඒමට සූදානමින් සිටින බවට ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?