මෙවර මහ මැතිවරණයට දේශපාලනයේ ප්‍රබලයෝ රැසක් නෑ

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට දේශපාලනයේ දැඩි කතාබහක් මතු කළ ප්‍රබල චරිත කිහිපයක් ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේ දී කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වීමක් වාර්තා නොවන අතර; පසුගියදා තම පුත් දහම් සිරිසේන සර්වජන බලය පක්ෂය සමග ගිවිසුම්ගත වීමත් සමග මහ මැතිවරණයේ දී සිය සහාය එම පක්ෂයට ලබා දීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.

මේ අතර ඊයේ (10) දිනයේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තමන් තරග නොකරන බවටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ව සිට; පසුව ජනාධිපතිවරණ සමයේ දී ගෑස් සිලින්ඩරය යටතේ තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය දුන් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ, සී. බී. රත්නායක ද මෙවර මැතිවරණයෙන් ඉවත් ව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වන අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක සහ සමගි ජන සන්ධානයේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද මෙවර තරග කරන්නේ නැහැ.

හිටපු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ඩී .බී. හේරත්, සිරිපාල ගම්ලත්, චමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන් ද මැතිවරණයෙන් ඉවත් වීම නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ෂාන් විජයලාල්, මහින්ද යාපා අබේවර්ධන, ආචාර්‍ය විජේදාස රාජපක්ෂ, විමලවීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, කනක හේරත්, සී.වී.විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන හිටපු මැති ඇමතිවරුන් ද තරග කරන්නේ නැහැ.

මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවබෝධතා ගිවිසුම්ගත වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ද මෙවර මහමැතිවරණය අතහැරීමට තීරණය කළා.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා සඳහන් කළේ; තම පක්ෂය සමගි ජන සන්ධානය සමග සන්ධානගත වුව ද; මහ මැතිවරණයේ දී සිය දිස්ත්‍රික්ක 11කින් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සූදානම් කළ යෝජනාව නිසිලෙස ක්‍රියාත්මක නොවීමත්, සමගි ජන බලවේගය දුන් ගිවිසුම් කඩකිරීම් හේතුවෙන් ඉන් ඉවත් ව ස්වාධීන කටයුතු කිරීමට තීරණය කළ බවයි.

එබැවින් මෙවර මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව ද හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තු ඒමට සූදානමින් සිටින බවට ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12