මෙවර පොසොන් උත්සව සතිය ජුනි 06 සිට 13 තෙක්

මෙවර පොසොන් උත්සව සතිය ජුනි මස 06 වැනි දිනෙන් ආරම්භ වී ජුනි මස 13 වැනි දින තෙක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

වාර්ෂිකව පවත්වන ජාතික පොසොන් උත්සවය සඳහා වන පළමු කමිටු රැස්වීමේදියි මේ බව ප්‍රකාශයට පත් කෙරුණේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථානාධිපති නාහිමිවරුන්ගේ අනුශාසනාවෙන් හා වැඩමවීමෙන් මෙය සිදු කෙරුණා.

ජුනි මස 06 වන දින ඉසුරුමුණි රජමහා විහාරස්ථානයෙන් පැන් පෙරහැර ආරම්භ වී මහමෙව්නා උයනේ පිහිටා ඇති සති පිරිත් මණ්ඩපයේ දී පිරිත් පේ කිරීම සිදු කිරීමෙන් අනතුරුව ජුනි මස 07 වන දින සිට සති පිරිත් පිංකම ආරම්භ වනු ඇති.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණයෙන් රුවන්වැලි සෑ මළුවේ දී සිදු කරන සර්ව රාත්‍රික හේවිසි පූජාව මෙවරත් ශිල්පීන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීම සාකච්ඡා කෙරුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

භක්ති ගීත, ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, අනාරක්ෂිත ගස් ඉවත් කිරීම, වෙළෙඳ ප්‍රචාරණ, සැරසිලි, දන්සල්, සුරාසැල් හා මස්කඩ වැසීම, පරිසරය, ආරක්ෂාව ආදිය පිළිබඳව කටයුතු සිදු කළ යුතු ආකාරය මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

නව තාක්ෂණය ද යොදා ගනිමින් මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සැපයිමට කටයුතු සැලසුම් කරන බවත් ඒ සඳහා සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, පොසොන් උත්සව කමිටුවේ සභාපති කේ.ජී.ආර්.විමලසූරිය මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16