හිටපු ක්‍රොඒෂියා රූ රැජින, ‘ඉවානා නෝල්’ මෙවර පාපන්දු ලෝක කුසලානයේ සරාගීම රසිකාවිය ලෙස නම් කර තිබෙනවා.
මේ අතර, 26 හැවිරිදි ඉවානා නෝල් කටාර්හිදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ද මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඉවානා නෝල් කටාර්හි වීදිවල ඡායාරූප රූගත කිරීමක් සිදුකර ඒවා සමාජ මාධ්‍යට එක් කිරීමත් සමඟ මෙලෙස ඇය පොලිස් අත්අඩංගුවට පත්වීමේ අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ගල්ෆ් රාජ්‍යක් වන කටාරයේ කාන්තාවන්ට ඇඳුම් සම්බන්ධයෙන් දැඩි නීතිරීති පැවතීම හමුවේ මෙවර ලෝක කුසලාන තරගවලිය නැරඹීමට පැමිණෙන විදෙස් ප්‍රේක්ෂිකාවන් සිය ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර ඇති බව වාර්තා වනවා.
කෙස් වෙතත් ‘ඉවානා නෝල්’ එම නීති රීති නොතකමින් තමන්ට පහසු සිත් ඇඳගන්නා ඇඳුම් පැළඳුම් වලින් සැරසී තරග නැරඹීමට පැමිණින බව ඇය පවසා තිබෙනවා.
“මම හිතන්නේ මගේ ඇඳුමෙන් හෝ බිකිනියෙන් කෙනෙකුට හානියක් වෙන්නේ කොහොමද? කරුණාකර මට එය පැහැදිලි කරන්න,” හිටපු ක්‍රොඒෂියා රූ රැජින සිය ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් 700,000 කගෙන් විමසා ඇති බවත් සඳහන්.




