මෙවර අළු බඳුනේ තරගාවලියේ 04 – 01ක් ලෙස ජය සත්කාරකයින්ට

පසුගිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වූ 2025 – 2026 අළු බඳුන තරගාවලිය අදින් අවසන් වුණා.

ඒ මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයූ ඔස්ට්‍රේලියාවට තරග 04- 01ක් ලෙස ජය හිමිකර දෙමින්.

තරගාවලිය පුරාවටම සිය ආධිපත්‍ය පතුරවා ගත් ඔස්ට්‍රේලියාව පළමු තරග තුනම ජය ගැනීමත් සමඟ වේලාසනම තරගාවලියේ ජය තම රට ඉදිරියෙන් ලියා ගනු ලැබුවා.

කෙසේ වෙතත් සිව්වන තරගය එංගලන්තය ජය ගැනීමත් සමඟ බෙන්ස් ස්ටොක් ප්‍රමුඛ එංගලන්තය සිය ප්‍රතිවාදීන්ගේ රටේ දී සේදී යාමට තිබූ සිය මව්බිමේ ගෞරවය යම් තාක් දුරකට හෝ රැක ගත් බව ක්‍රිකට් විචාරකයන්ගේ මතය වුණා.

සිව්වන තරගයේ පරාජයත් සමඟ බිඳ වැටුණු ජයග්‍රාහී මානසිකත්වය නැවත ඇතිකර ගැනීමේ අරමුණ ඇතිව පිටියට පිවිසි ඕල්ස්ට්‍රෙලියව එම තරගයද විශිෂ්ඨ අන්දමින් ජය ගැනීමට සමත් වූණා,.

පස්වන තරගයේ කාසිය වාසිය ජයගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඒ අනුව ඔවුන් පළමු ඉනිම සඳහා ලකුණු 384ක් රැස්‌කර ගනු ලැබුවා.

ඊට පිළිතුරු ඉනිම ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා ලකුණු 567ක් රැස්‌කර ගත්තා.

අනතුරුව ලකුණු 183ක් පිටුපසින් සිය දෙවැනි ඉනිම ඇරඹු එංගලන්තයට දෙවැනි ඉනිමෙදි සඳහා ද ලකුණු 342ක් රස කර ගනු ලැබුවා.

ඒ අනුව ලකුණු 159 ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව එම ඉලක්කය සාර්ථකව හඹායමින් තරගාවලිය 4 – 1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

තරගාවලිය පුරාවටම එංගලන්ත පිතිකරුන් අසරණ කළ ඕස්ට්‍රේලියාවේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් මෙම තරගයේ ද කඩුලු 07ක් බිඳ හෙළුවේ සමස්ත තරගවලියේ වැඩිම කඩුලු කභිය බවට්ග්හ් පත් වෙමින්.

ඒ අනුව තරගාවලිය පුරාවටම සමස්ත කඩුලු 31ක් දවා ගනිමින් සහ කණ්ඩායමට අවශ්‍ය වූ අර්ධ ශතක දෙකක් රැස්‌කරමින් ඕස්ට්‍රේලියාවට තරගාවලි ජයග්‍රහණය සඳහා පාර කැපූ මිචෙල් ස්ටාක් තරගාවලි වීරයා බවට පත් වුණා.

එමෙන්ම ඔස්ට්‍රේලියාව බිහිකළ විශිෂ්ඨ ආරම්භක පිතිකරුවෙක් වූ උස්මාන් කවාජා මෙම තරගාවලියෙන් පසු සිය ටෙස්ට් තරග දිවියට සමු දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54