ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමාජය තුළ සිටින බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පැවසීය.
ඇය පවසන්නේ,මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බවයි.
සති දෙකකට වඩා පවතින කැස්ස, සවසට මඳ උණ පැවතීම, බර අඩු වීම, කෑම අරුචිය, රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම, අධික තෙහෙටිටුව, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමඟ රුධිරය පිට වීම යනාදිය පෙණහලුගත ක්ෂය රෝගයේ ලක්ෂණ වනවා.
එක් දිනකට ක්ෂය රෝගීන් දෙදෙනෙකු මරණයට පත් වන බවත් කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවපත් කර ගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.














