මෙරට සරම්ප රෝගය යළි හිස ඔසවයි 

යළි හිස එසවූ සරම්ප රෝගය සඳහා අවශ්‍ය එන්නත්කරණය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පළමු අදියරේ දී එය සිදු කෙරෙන්නේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති පළාත් 09 තුළ පමණයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරනු ලැබුවේ 2019 වසරේ දී යි. ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල ද මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩි වශයෙන් සරම්ප රෝගීන් වාර්තා වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවලයි.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල මාස 06ත්, 15ත් අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදිමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ.

මෙම වැඩසටහන 2024 ජනවාරි මස 06 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.

අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට ළඟම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?