මෙරට වෙසෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතිකයි – වැඩබලන පොලිස්පතිගෙන් සහතිකයක් (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ම විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව උපරිමයෙන් ම සහතික කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

අද (23) පස්වරුවේ ආරුගම්බේ සංචාරක කලාපයේ ඇති වූ කලබලකාරී තත්ත්වය සහ එම ප්‍රදේශවල සංචාරය කරන සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ල විය හැකි බවට මෙරට අමෙරිකානු තානාපති කාර්‍යාලය නිකුත් කළ නිවේදනය ප්‍රකාරව අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මැදපෙරදිග යුද්ධයත් සමග ශ්‍රී ලංකාවටත් ඉන් යම්කිසි තර්ජනයක් ඇති වේ යැයි යන තොරතුර බුද්ධි අංශ වෙතින් ඔක්තෝබර් 07 වැනි දින ලැබුණු බවත්; එදා සිට ආරක්ෂක කවුන්සිලය රැස් වී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ බවත්; එම තීන්දු අනුව දැඩි ආරක්ෂාවක් එම කලාපයේ සේම රට පුරා පූජා නගර, හෝටල් ආදි විශේෂ ස්ථාන කේන්ද්‍ර කරගනිමින් යොදා ඇති බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.

එමෙන්ම මෙම බුද්ධි තොරතුරු ලැබීම් සම්බන්ධයෙන් නිරතුරුව කොන්සල් ජනරාල්වරුන් සමග සබඳතා පැවැත්වූ බවත්; ඊයේ (22) සහ අද උදෑසන ද ජනාධිපති ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් රැස් ව තවදුරටත් මේ ගැන සාකච්ඡා කළ බවයි වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවට දැනුම්දුන්නේ.

ආරුගම්බේ කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන නිල බුද්ධි තොරතුරු ඊයේ ලැබීමත් සමග එම ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප බවට පත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වුණු බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.

එබැවින් මේ වනවිට මෙරට ජීවත් වන හෝ සංචාරය කරන විදේශිකයින්ගේ ආරක්ෂාව ඉහළින් සනාථ කර ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කිසියම් සැක කටයුතු සිදුවීමක් හෝ පුද්ගලයෙක් ගැන දැනුම්දීමට ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ නැත්නම් 1997 ක්ෂණික දූරකථන අංකයට දැනුම්දෙන ලෙස ද ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08