මෙරට වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ වාර්තා වෙයි

දිනක් තුළ හඳුනාගත් වැඩිම අසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,939 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිතයින්ගෙන් 1897 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් වන අතර සෙසු ආසාදිතයින් 42ක විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය. 

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 498කි.

ඊට අමතරව ගම්පහින් 387ක් සහ කළුතරින් 377ක් ලෙස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 117,529 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,734කි.

සමස්ත ආසාදිතයින්ගෙන් 100,075 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටවගොස් තිබේ.

මේ අතර දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද ඊයේ (05) දිනයේ වාර්තා වී තිබුණි.

ඒ, මරණ 14ක් ලෙසය.

මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 734කි.

ඒ අනුව දෙදිනක් තුළ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 25ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ අතුරින් 8 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 06 දෙනා පිරිමි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය කාන්තාවන් 35, 42, 51, 66, 70, 75, 82, 84 යන වයස් කාණ්ඩවල පසුවන්නන්ය.

පිරිමි පුද්ගලයින් 55, 66, 67, 70, 76, 87 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වෙයි.

මේ අතර මෙරට තුළ මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 157,551 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනයේදී මෙම දෙවන මාත්‍රාව පුද්ගලයින් 18,265 දෙනෙකුට ලබා දී ඇත. 

මෙම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 928,107 දෙනෙකුට ලබාදීමට පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26