මෙරට ලක්ෂ 05කට රැකියා අහිමි වෙලා

පසුගිය වර්ෂය තුළ (2022) මෙරට පුද්ගලයින් ලක්ෂ පහකට පමණ අවම වශයෙන් රැකියා අහිමිව ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම වාර්තාව මඟින් පවසන්නේ මෙරට කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් වැඩි ප්‍රමාණයකට මෙලෙස රැකියා අහිමිව ගොස් ඇති බවයි.

එම වාර්තාවට අනුව 2021 සහ 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 13% සිට 25% දක්වා (ආසන්න වශයෙන්) වැඩි වී ඇති බව සඳහන්.

එමෙන්ම දුප්පතුන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයින්ගේ ජීවන වියදම 65%කින් ඉහළ ගොස් ඇති අතර, දිළිඳු නොවන පුද්ගලයින් සඳහා එම වැඩිවීම 57%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පවතින ආහාර අනාරක්ෂිතභාවය හේතුවෙන් දැනටමත් ළමා මන්දපෝෂණය වැඩි වී ඇති බව සඳහන් කරන එම වාර්තාව, 2021 වසරේ 7.4%ක් වූ ළමා මන්දපෝෂණය 2022 වසරේදී 9.2% දක්වා වැඩි වී ඇති බව ද පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16