මෙරට මුහුදු සීමාවට ආසන්නයේ ඇති ඉරාන නෞකාව ගැන තොරතුරු හෙළිවෙයි – නෞකා තුනක් ඇවිත්

මෙරට මුහුදු සීමාවට ආසන්නයේ මේ වනවිට රැඳීසිටින ඉරාන නෞකාව ද ඉන්දියාවේ පැවති බහු­පා­ර්ශ්වික නාවික අභ්‍යා­ස­යට සහභාගී වූ නෞකාවක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ, නෞකාව මඟින් නැවේ එන්ජින් දෝෂයක් සිදුව ඇති බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි.

ඒ, අනුව නෞකාව මෙරට වරායකට කැඳවන ලෙසට ඉල්ලා සිටි බවයි තොරතුරු වාර්තා කරන්නේ.

මේ අතර මෙම බහු­පා­ර්ශ්වික නාවික අභ්‍යා­ස­ය සඳහා ඉරාන යුද නෞකා තුනක් සහභාගී වී ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.

එම ඉරාන නෞකා තුනෙන් එක් යාත්‍රාවක් ඊයේ (04) ඇමරිකානු සබ්මැරින් ප්‍රහාරයකට ලක්ව විනාශ වී මුහුදුබත් වුණා.

මේ අතර දෙවන නෞකාව සම්බන්ධයෙන් රජය සියලු කරුණු දන්නා බවත්, මෙම ගැටළුව විසඳීමට, ජීවිත හානි අවම කිරීමට සහ කලාපීය සාමය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මැදිහත් වන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (05) පාර්ලිමේන්තුවට පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
33
+1
6
+1
5
+1
5
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !