AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ප්‍රථම වරට ළමා සිනමා ශාලාවක්

ළමයින් උදෙසා සිනමා ශාලාවක් ශ්‍රී ලංකාව තුළ ඇති කරලීම සඳහා යෝජනා කර, ඒ සඳහා මහජන මුදල් ප්‍රතිපාදන ලෙස වෙන්කර දීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිණි ගුණවර්ධන පසුගිය 30 වනදා එහි ප්‍රගතිය විමර්ශනය කළා.

මෙරට මුල්වරට ළමා සිනමා ශාලවක් ආරම්භ කිරීමේ පූර්ණ වගකීම කොළඹ මහ නගර සභාව භාරගෙන තිබෙනවා.

ප්‍රගති සමාලෝචනයේ දී අදහස් දැක් වූ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, “අපේ සංස්කෘතික පාරිසරික උරුමයන් පිළිබඳ හැඟීම, රටෙහි ප්‍රගතිය උදෙසා අවශ්‍ය ආකල්ප දියුණුව, මෙන්ම යහපත් මානව සාරධර්ම වර්ධනය සඳහා ළමා සිනමාව විශාල දායකත්වයක් සපයන බව” පැවසුවා.

කොළඹ මහ නගර සභා ප්‍රධාන පුස්තකාලාධිපතිනිය වරුණී ගඟබඩආරච්චි, වාස්තු නිර්මාණ ශිල්පීහු, ඇතුළු මහ නගර සභා නිළධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?