මන්නාරම උතුරු මුහුදු සීමාවේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු සිදු කළ යාත්‍රා 05ක් සමගින් ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු ඊයේ (23) දින අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ධීවරයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ.
නාවික හමුදා භාරයට ගැනුණු ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර ඉදිරි තීනිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.