මෙරට දී කසිප්පු පෙරූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට(වීඩියෝ)

මෙරට නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ හිටපු ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ චීන ජාතිකයෙක් නීතිවිරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවකට පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වැල්ලම්පිටිය පොලිසියට ලද තොරතුරක් මත බ්‍රණ්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසකදියි අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් 318,000ක්, නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 67,500ක් සහ එම මත්පැන් නිෂ්පාදනයට ගන්නා උපකරණ තොගයක් ද සොයා ගැනුණා.

මෙම වැටලීමට පොලිස් විශේෂ කාර්‍යය බලකායේ සහාය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (12) දිනයේ දී අලුත්කඩේ අංක දෙක අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33